රජයේ ආයතනවල සැඟවී තිබෙන මහජනතාවට බලපාන තොරතුරු, මෙම පනත මඟින් ලබා ගැනීමට ඇති හැකියාව නිසා රජයේ නිළධාරින් තම රාජකාරි කටයුතු ප්‍රමාදයෙන් තොරව කාර්යක්ෂමව සිදු කිරීමට පෙළඹෙන බවත්, මේ නිසා ඔවුන් වැරදි කිරීමට ද බිය වන බවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද (25) පැවතී සම්න්ත්‍රණයක ප්‍රධාන දේශනය කරමින් ලේකම්වරයා කීය.
ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් පිරිසක් ස්වේච්ඡා තොරතුරු අයිතිවාසිකම් නිළධාරීන් වශයෙන් පත්කොට ඇති අතර ඔවුන්ට තොරතුරු දන ගැනීමේ පනත මඟින් ජනතාවට සහය විය හැකි අන්දම පිළිබඳව ඔවුන්ට පුහුණුවක් ලබා දීම සඳහා මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
ගමේ ජනතාවගේ ප්‍රශ්නවලට බලපා ඇති හේතු, තොරතුරු දැනගැනීමේ පනත මඟින් ලබා ගැනීමට සහය වීම මෙම ස්වේච්ඡා නිලධාරීන්ට පැවරෙන ප්‍රධාන කාර්යය බව ද සුනිල් සමරවීර මහතා තවදුරටත් පැවසිය.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ඒකකයේ මෙහෙයවීමෙන් පැවතී මෙම සම්මන්ත්‍රණයේ දී නීතිඥ ජගත් ලියනාරච්චි මහතා ඇතුළු කිහිපදෙනකු ද දේශනා පැවැත්වූහ.