ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා වෙත සුභාෂිංශන පිරිනමයි

    ජූලි 25, 2019

    එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ධූරයට පත් ගරු බොරිස් ජොන්සන් මහතා වෙත ශ්‍රී ලංකා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභාශිංසන පිරිනමා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ප්‍රවෘත්ති නිවේදනය

    එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ධූරයට පත් ගරු බොරිස් ජොන්සන් මහතා වෙත ශ්‍රී ලංකා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභාශිංසන පණිවුඩයක් යවා ඇත.

    පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව ඉතා සමීප ඓතිහාසික සබඳතා මෙන්ම සහයෝගීතාවන් පවත්වාගෙන යනු ලබන එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් රාජකාරී අරඹන බොරිස් ජොන්සන් මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය හෘදයාංගම සුභපැතුම් පිරිනමයි.

    ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළඳපොළ සහ සංචාරක පැමිණීම් අතින් ගත්කල තෙවැනි විශාලතම රාජ්‍යය වන එක්සත් රාජධානිය, ආර්ථික සහකරුවෙකු වශයෙන් ද අපට ඉතා වැදගත් වන බව පවසන අග්‍රාමාත්‍යවරයා, නව අග්‍රාමාත්‍යතුමාගේ විශිෂ්ඨ නායකත්වය යටතේ දෙරට අතර පවත්නා සබඳතා වඩා ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළකර සිටී.

    දෙපාර්ශවයේම යහපත සහ සමෘද්ධිය පතා දෙරට විසින් පවත්වාගෙන යනු ලබන සබඳතා සහ සහයෝගීතාවන් වෙනුවෙන් තම ආණ්ඩුව ප්‍රමුඛ ශ්‍රී ලාංකික ප්‍රජාව කැපවීමෙන් කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කරන වික්‍රමසිංහ මහතා, නොබෝ දිනක දී එතුමා හමුවීමට බලාපොරොත්තු වෙන බව ද එම පණිවුඩයේ සඳහන් කර තිබේ.

    මාධ්‍ය ඒකකය,
    අග්‍රාමාත්‍ය කාර්යාලය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya