ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාල කුටියට විශාල ජනකායක්

    ජූලි 26, 2019

    රටපුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරි ගැන්වීමත් නව ව්‍යවසායකයන් බිහි කිරීමත් අරමුණු කරගෙන මුදල් අමාත්‍යාංශය ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ දෙවන ප්‍රදර්ශනය මේ දිනවල අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ජනාධිපති කාර්යාලයේ විශේෂ කුටියක් ද එහි ස්ථාපිත කර තිබේ.

    ජනතා සුබසෙත වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ග්‍රාමශක්ති, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ, වකුගඩු රෝග නිවාරණ, ජාතික ආහාර නිෂ්පාදන, පරිසර සංරක්ෂණ, දරුවන් සුරකිමු, රට වෙනුවෙන් එකට සිටිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා, කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන ඇතුළු ජාතික වැඩසටහන් මඟින් සිදු කෙරෙන පුළුල් ජනතා මෙහෙවර පිළිබඳ දැනුවත් කිරීම සහ තොරතුරු ලබාදීම මෙහි දී සිදු කෙරේ.

    එමෙන් ම ජනතාවගේ ගැටලු ජනාධිපතිතුමාට ඝෘජුව ඉදිරිපත් කළ හැකි ජනපතිට කියන්න වැඩසටහන ද ක්‍රියාත්මකය.
    ප්‍රදර්ශන භූමිය වෙත පැමිණෙන ජනතාව විශාල පිරිසක් ඊයේ මෙන්ම අද දිනයේ ද ජනාධිපති කාර්යාලයේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණ සිටි අතර ජනාධිපති කාර්යාලය යටතේ සිදුවන සේවාවන් සහ ජනාධිපතිතුමාගේ ජාතික වැඩසටහන් පිළිබඳ එම ජනතාව දැනුවත් කරමින් දේශන සහ අත්පත්‍රිකා බෙදාදීම සිදු කෙරිණි.

    මේ අතර නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනාධිපතිතුමා ගෙන යන පුළුල් වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිතුමා ගත් තීරණය පිළිබඳ ජනතා මතය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවක් ද ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙහිදී සලසා තිබෙන අතර ,රටේ සැබෑ ජන මතය ප්‍රකාශයට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂපාතීව විශාල ජන මතයක් මේ වන විට ප්‍රකාශයට පත්ව තිබීම විශේෂත්වයකි.
    එමෙන් ම ජනාධිපති මාධ්‍ය අංශය මගින් පවත්වාගෙන යන විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයකින් ද මෙම කුටිය සමන්විත ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya