ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා වූ ගිවිසුම අත්සන් කෙරේ

    ජූලි 26, 2019

    ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨ ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් තැබීම ඊයේ(25)  දින නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඩී.එම්.පී.කේ. මායාදුන්නේ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදු විය.

    කුවේට් අරමුදල යටතේ ලැබෙන රුපියල් මිලියන 5000ක පමණ මුදල සහ ශ්‍රී ලංකා රජය මඟින් වෙන්කරන මුදල ද සමඟ සමස්තය රුපියල් මිලියන 6617.5ක් මේ සඳහා වැය කෙරේ. 

    ඒ අනුව පරිපාලන ගොඩනැගිල්ල, අධ්‍යයන දෙපාර්තමේන්තු, දේශණශාලා සහ විද්‍යාගාර ඇතුලත්ගොඩනැගිලි සංකීර්ණය, ශිෂ්‍ය මධ්‍යස්ථාන හා ආපන ශාලාව, ශ්‍රවණාගාරය, පුස්තකාලය සහ ස්වයං අධ්‍යයන මධ්‍යස්ථානය, දේශන ශාලා, නේවාසිකාගාර, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල නිල නිවාස, අමුත්තන්ගේ නිවාස, ක්‍රීඩා පිටිය  හා ක්‍රීඩාගාරය, ප්‍රාථමික සෞඛ්‍ය  ආරක්‍ෂණ මධ්‍යස්ථානය, අභ්‍යන්තර මාර්ග හා උද්‍යාන අලංකරණය, ජල ටැංකි ඉදිකිරීම හා විදුලිය ලබාගැනීම, ප්‍රවිශ්ට මාර්ග සංවර්ධනය යන පහසුකම්වලින් මෙම ව්‍යාපෘතිය සමන්විත ය. 

    එමෙන්ම ඔස්ට්‍රියානු ණය ආධාර යටතේ රුපියල් මිලියන 450 ක පමණ වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ එම පීඨයට දැනටමත් ලබාදී ඇත. එමෙන්ම සිසුන් 600 කට පමණ නේවාසික පහසුකම් සැලසෙන නේවාසිකාගාර 2 ක් කඩිනම් නේවාසිකාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම භූමියේ දැනටමත් ඉදිකර සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා භාර දී ඇත.  මෙම ව්‍යාපෘතිය නිමකල පසු වෛද්‍ය උපාධිය සඳහා 100 ක්ද, හෙඳ උපාධිය සඳහා 70 ක්ද, ඖෂධවේදී උපාධිය සඳහා 20 ක්ද, මහජන සෞඛ්‍ය පිළිබඳ උපාධිය සඳහා 20 ක්ද වශයෙන් වාර්ෂිකව මෙම පීඨයට සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය සැලසුම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya