කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ සිරි ඤාණිස්සර හිමියන්ගේ ඉල්ලීම පරිදි ඉදිකරන ලද මෙම ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍රය ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හී බරමින්හැම් රොටරි සමාජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව නාවික හමුදාවේ පුර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදී. ඒ අනුව, නාවික හමුදා ශ්‍රමදායකත්වය ඇතිව කතරගම ප්‍රදේශයේ ඉදිකරන ලද 09 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රය මෙය වන අතර, මෙමඟින් කතරගම පුජා භූමියට පැමිණෙන බැතිමතුන් සහ ප්‍රදේශවාසින් හට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.