අමාත්‍යවරිය,මේ බව පැවසුෙව් ''2019- ජාතික සමථ දිනය සැමරීම'' සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති උළෙලේ ප්‍රධාන ආරාධත අමුත්තා ලෙස එක් වෙමිනි.
දිවයින පුරා විසිරී ඇති සමථ මණ්ඩල නිවැරදිව ක්‍රියාත්මක නොවූණි නම් උසාවි වල ගොඩ ගැෙසන මෙම නඩු ප්‍රමාණය තවත් වැඩි වන්නට ඉඩ තිබූ අතර සියළු දෙනාටම ජිවත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරිෙම්දී සමථ මණ්ඩලයෙන් ලැබෙන සහය ඉතා අගය කරන බවත් අමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය.
වත්මන් ආණ්ඩුව කිසිවිටකත් දේශපාලන වෛරයකින් කටයුතු නොකරන බවත් රටට ඒල්ල වූ නොයෙක් අභියෝගයන්ට ඉතා සාර්ථකව මුහුණ දෙමින් අධිකරණයේ ස්වාධීනත්වය හෝ මාධ්‍ය නිදහස නොතිබූ යුගයක රට තුළ යහපාලනය ඇති කිරීමට වත්මන් රජය කැප වූ බවත් පැවසුවයාය.
ඉදිරිෙය්දී නීති විෂය පාසල් විෂය පද්ධතියට ඇතුල් කිරීම සඳහා මේ වන විටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර සමථකරණය තවත් පුළුල් කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද අමාත්‍යතුමිය පැවසුවාය.
දිගු කාලයක් රාජ්‍ය සේවයේ රැඳෙමින් දැවැන්ත සේවයක් කර අද දින විශ්‍රාම යන අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී මීගස්මුල්ල මහතාට සුභ විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කිරිමටද අමාත්‍යතුමිය අමතක නොකළාය.
මෙම අවස්ථාවට එක් වූ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ෙශ්‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් ඒස් .අප්පුහාමි මහතා අදහස් දක්වමින් පැවසුවේ ආරවුල් විසඳා ගැනීමට ඇති හොඳම ක්‍රමය සමථ ක්‍රමය බවයි.1988 දී ආරම්භ කල සමථ මණ්ඩල ක්‍රමය මෙම අවුරුදු 29 පුරා මුළු දිවයිනම ආවරණය වන පරිදි සමථ මණ්ඩල 332 ක් දක්වා වර්ධනය වී ඇති අතර සෑම වසරකම ලක්ෂ 3කට ආසන්න ආරවුල් ප්‍රමාණයක් සමථ මණ්ඩලය වෙත යොමු වන අතර ඉන් 65% කට වැඩි ප්‍රතිශතයක් සමථයකට පත් කරන බවද මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ආරවුල් පිළිබඳව පැමිණිලි 73,644ක් ලැබී ඇති බවත් පැවසීය.
ඒ් අතුරින් ආරවුල් 33,730ක් සාකච්ඡාවට ගෙන ඇති අතර ඉන් ආරවුල් 22478 සමථයකට පත් කර තිබේ. මෙම ආරවුල් අතුරින් 70%ක් පමණ මූල්‍යමය ආරවුල් බවත් මූල්‍යමය ආරවුල් විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් ඒ සඳහා අමතර දිනයක් ලබා දී ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට ඉඩම් ආරවුල් පිළිබඳ සමථ මණ්ඩලයක්ද, යාපනය,අනුරාධපුරය,ත්‍රිකුණාමලය,මඩකලපුව සහ කිලිෙනාච්චි යන දිස්ත්‍රික්ක 5 තුළ ස්ථාපිත කර ඇති අතර 2005 වසරේ සිට පාසල් සමථ ඒ්කක පිහිටුවීෙම් වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ. ඒ් අනුව දැනට දිවයින පුරා පාසල් 87ක මෙම සමථ ඒ්කක පිහිටුවා ඇති අතර මෙමම වර්ෂය තුළ ඒය 100 දක්වා වැඩි කිරීම සමථ මණ්ඩලයේ අපේක්ෂාව බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශ ලේකම් මීගස්මුල්ල , ආසියානු පදනමේ නිත්‍ය නියෝජිත දිනේෂ ද සිල්වා වික්‍රමරත්න යුරෝපා කොමිසමේ නියෝජිතයන්,දිසාපතිවරු, අතිරේක ලේකම්වරු සහ දිවයින පුරා විසිරි සිටින සමථ මණ්ඩල සභාපතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.