123 ව්‍යවස්ථව සමඟ කියවෙන 120 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම දාළ පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ විෂයපථයට ඇතුළත් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154( උ ) 3 ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පෙර අදාහස් ප්‍රකාශ කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් සෑම පළාත් සභාවක් වෙත යොමු කර ඇත්නම් මිස එය නීතියක් බවට පත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ,154( උ ) 3ව්‍යවස්ථාවට ඇතුළත් විධිවිධානවලට අනුකූල නොවන පරිදි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති හෙයින් අධිකරණය මේ අවස්ථාවේ දී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු කළ හැකි අනෙකුත් නෛතික කාරණයන් සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශයට පත් නොකරන බවයි.