“ප්රවෘත්තිමය වටිනාකමක් සහිත ඡායාරූප” යන තේමාව යටතේ පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය අද සහ හෙට දෙදින පුරා කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත් වේ.
ජනමාධ්‍ය ඡායාරූප මගින් සාමාජීය, ආර්ළුික, අධ්‍යාපනික, සංස්කෘතික සහ දේශපාලන වශයෙන් ජනතාව දැනුවත් කිරීම පදනම් කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.
ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදින්ගේ සංගමයේ සභාපති දමින්ද හර්ෂ පෙරේරා, ලේකම් කුෂාන් පතිරාජ යන මහත්වරුන් විසින් පිළිගන්නා ලදී.
එහි තැන්පත් කර ඇති විශේෂ ආරාධිතයන්ගේ සමරු ග්රන්ළුයේ සටහනක් ද තැබූ ජනාධිපතිතුමා සම්මානලාභී ප්‍රවීන ඡායාරූප ශිල්පීන්ට සිය සුබපැතුම් පළ කරමින් ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.
අනතුරුව ජනාධිපතිතුමා ඇතුළු පිරිස ප්‍රදර්ශනය නැරඹීමට එක් වූහ.
කතානායක කරූ ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද, කලාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් ඇතුළු පිරිසක් මෙම අවස්ළුාවට එක්ව සිටියහ.