ඒම ඉලක්ක සාක්ෂාත් කරගැනීමට විධිමත් පවුල් සැලසුම ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙම කරුණු පිළිබද සැලකිල්ලට ගනිමින් සැලසුම් කළ පිළිසිද ගැනීම් - විසදිය යුතු ගැටලු පිළිබද සංවාද සැසියක් ශ්‍රී ලංකා වෛද්‍යය සංගමයේ ප්‍රධානත්වෙයන් ජූලි 27 (ඊයේ) කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකවේ වසරකට 360,000ක් පමණ කාන්තාවන් ගර්භණීභාවයට පත්වෙයි. මින් තුනෙන් ඒකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිදගැනීම් බවට ඇස්තමේන්තු ගත කර ඇත. අනවශ්‍ය ගැබ්ගැනීම් අදාළ කාන්තාවටත්, බිහිවීමට සිටින දරුවාටත්, අනිකුත් දරුවනටත්, සෞඛ්‍ය පද්ධතියටත්, සමාජයටත් ගැටලුකාරී වන බව වෛද්‍යවරු පෙන්වා දෙයි.
2017 වසෙර්දී ගර්භණී වූ කාන්තාවෝ 326,000ක් සජීවී දරුවන් බිහි කළහ. මම කාන්තාවන්ගෙන් 49,000ක් (15%ක්ම) වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන්ය. ඒම වසරේ මාතෘ මරණ 127ක් වාර්තා වූ අතර ඉන් කාන්තාවන් 28ක්ම මරණයට පත්වී ඇත්තේ අනවශ්‍ය ගැබ්ගැනීම් හේතුවෙනි.
දරුවන් 1770ක් කුස තුළම මිය ගියහ. මෙවැනි සැලසුම් නොකළ පිළිසිදගැනීම්වලට හා ගැටලුවලට විසදුමක් ලෙස විධිමත් පවුල් සැලසුම් ක්‍රියාත්මක කිරීම වෛද්‍ය ක්ෂේත්‍රයේ නිර්දේශයයි. කෙසේවුවද පවුල් සැලසුම හා ඊට ඇතුළත් ක්‍රමෙව්ද පිළිබදව ප්‍රතිග්‍රාහක කාන්තාවන්, පිරිමින් මෙන් ම වෙනත් විවිධ පුද්ගලයන්ගෙන් සහ අංශ වලින් විවිධ මතවාද පළ වෙයි.
පවුල් සැලසුම සම්බන්ධ දුර්මත සහ මිථ්‍යා අදහස් නිසා මෑත අතීතෙය්දී ශ්‍රී ලංකාෙව් ගැටලු මතු කර ඇත.අනෙප්ක්ෂිත ගැබ්ගැනීම් වැළැක්වීෙම්දී, මාතෘ මරණ අවම කිරීෙම්දී සහ විශ්වාසනීය සෞඛ්‍ය
ආවරණයක් නිර්මාණය කිරීමේ දී පවුල් සැලසුම විසින් සිදුකරනු ලබන වැදගත් කාර්යය අතිමහත් ය.
ශ්‍රී ලංකා වෛද්‍යය සංගමයේ ලේකම් හා ප්‍රජා වද්‍ය විශේෂඝ්න කපිල ජයරත්න මහතා පවසන පරිදි, සෑම වසරකම කාන්තාවන් 360,000ක් පමණ ගැබ්ගන්නා අතර, ඉන් තුනෙන් ඒකක්ම සැලසුම් නොකළ
ගැබ් ගැනීම් බවයි.
මේ සදහා විසදුම වනුයේ ඵලදායී පවුල් සැලසුම් කරණයයි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මෑත සංඛ්‍යාෙල්ඛණ වලට අනූව මාතෘ මරණ වැඩි වී ඇත. සජීවී දරු උපත් ලක්ෂයකට මවුවරුන් 40ක් පමණ මියයයි. පවුල්සැලසුම් සේවාවන් වැඩිදියුණු කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව නව යොවුන් වියේ ගැබ්ගැනීම් අවම කිරීමට සමත් විය. ශ්‍රී ලංකාෙව් නව යොවුන් වියේ ගැබ්ගැනීම් ප්‍රතිශතය 4.6%කට සීමා විය. ශ්‍රී ලංකාෙව් මාතෘ මරණ වලින් 10 -13 % ට හේතුව වන්නේ අනාරක්ෂිත ගබ්සා ය. ඒක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ සහකාර නියෝජිත මධූෂා දිසානායක මහත්මියට අනූව පවුල් සැලසුම ජීවිත ආරක්ෂා කරන අතර ඒමගින් අනවශ්‍ය ගැබ්ගැනීම් හා අනාරක්ෂිත ගබ්සා වැළැක්වීෙම්
හැකියාවක් පවතින බව පවසයි
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු අන්‍යාගමික පූජකවරුන් රැසක්ද අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, පාර්ලිෙම්න්තු මන්ත්‍රී සිසිර ජයෙකාඩි මහතා,පාර්ලිෙම්න්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් කපිල ජයරත්න මහතා, එම සංගමයේ සභාපති අනුලා විජේසුන්දර මහත්මිය ඇතුළු වෛද්‍යවරු රැසක්ද, මාධ්‍ය නිලධරීන් රැසක්ද විද්වත් සංවාදය සදහා සහභාගී වූහ.