ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර ගොවිජනතාවගේ ප්‍රයෝජනය සදහා පස් විශ්ලේෂණ කට්ටල 12 ක්

    ජූලි 30, 2019

    මහනුවර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පස් පරීක්ෂා කිරීමට අවශ්‍ය පස් විශ්ලේෂණ කට්ටල බෙදාදීම පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

    ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දියත් කරන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මෙම උපකරණ බෙදාදීම සිදු කළ අතර, පස් විශ්ලේෂණ කට්ටල 12 ක් මෙහිදී බෙදා දෙන ලදී. එක් පස් විශ්ලේෂණ කට්ටලයක වටිනාකම රුපියල් 75,000 කට ආසන්නය.

    මෙම පස් විශ්ලේෂණ කට්ටල මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් කෘෂිකර්ම උපදේශකවරුන් භාරයේ තැබෙන අතර, ගොවි ජනතාවට තම අවශ්‍යතාවය අනුව මෙම පස් විශ්ලේෂණ කට්ටලය ප්‍රයෝජනයට ගත හැකිය.

    මෙතෙක් පස් පරීක්ෂා කිරීම සදහා ගොවි ජනතාව තම පස් සාම්පල විද්‍යාගාර වෙත ගෙන යායුතු වූ අතර, මෙම පස් විශ්ලේෂණ කට්ටල ක්ෂේත්‍රයට ගෙන යා හැකි බැවින් ඒ තුළින් ගොවියාට විශාල පහසුවක් ලැබේ.

    පොහොර භාවිතයේදී නියමිත ප්‍රමිතයෙන් යුක්තව පොහොර යෙදීම සදහා පසේ ගුණාත්මකබව පරීක්ෂා කිරීම තුළින් පොහොර අවභාවිතය වැලැක්වීමට මෙම පස් පරීක්ෂා කිරීමේ ක්‍රමය තුළින් හැකියාව ලැබේ.

    පස් විශ්ලේෂණ කට්ටයල බෙදා දීමේ මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් කෘෂිකර්ම ලේකම් සුජාතා විජේසිංහ, මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.එම්.ආර් බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya