රජයක් ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන සියලුම බාධාවන්ට මුහුණ දෙමින්, 2015 මහා මැතිවරණයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දු අනුව යමින් කැබිනට් පත්‍රිකාවක් අනුමත කරමින් ඉතිහාසයේ පළමු වතාවට අප රටේ වතු කම්කරු ජනතාවට පර්චස් 7ක ඉඩම් කැබැල්ලක් සින්නක්කරව ලබා දීමට කටයුතු ආරම්භ කළ බව අමාත්‍යවරයා පවසා සිටියේ, මෙම වැඩපිළිවෙල බාධක මැද ඉදිරියට ගෙනයාමට හැකිවීම පිළිබඳව රජයේ අමාත්‍යවරයෙක් ලෙස ආඩම්බර වන බවයි.
මෙහිදී තව දුරටත් අමාත්‍යවරයා, කියා සිටියේ, 2015 වන විට පහුගිය මහින්ද රජය රට ට්‍රිලියන ගණනක ණය උගුලක හසුකර, ජාත්‍යන්තර වශයෙන් සම්බාධක දමන තත්වයකට රට අගාධයකට රැගෙන ගොස් නැවත ගොඩ ගැනීමට නොහැකි තැනකදී රට අනාථ කර පැන ගිය බවයි. එමෙන්ම එසේ පැන ගිය නඩය නැවත බලයට පැමිණීමට උත්සාහ කරන්නේ කුමණ සැලසුමක් ඇතුවද යන්න ගැටළු සහගත බවයි. රටක් ඉදිරියට කරගෙන යාමට අපහසු තත්වයකට පැමිණි පසු පැන ගිය හිටපු ජනාධිපතිතුමාගෙන් පසු 2015 රට බාරගත් එජාප රජය අද වන විට ජාත්‍යන්තර ප්රජාවත් සමඟ නැවත එක වෙමින් සාර්ථක ගමනක් යන අතරම රටේ සියලුම කොට්ඨාශ වලට මිලියන ගණනක ප්‍රතිපාදන යොදවා රටම එක ලෙස සංවර්ධනය කරමින් රාජපක්ෂලාගේ ට්‍රිලියන ගණනක ණය කෙසේ හෝ ගෙවා රට ස්ථාවර කරන බව ප්‍රකාශ කළේය.
උත්සවයට සහබාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුකුමාර් මහතා ප්‍රකාශ කළේ, ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යතුමාගේ කැපවීමත් උත්සාහයත් නිසා අද මේ අයුරින් ඉඩම් ලබාදීම සාර්ථකව සිදුකරගෙන යන බවත් මේ වනවිට ඉඩම් 7000 ක් පමණ බෙදා දි අවසන් බවයි.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුකුමාර්, හිටපු පළාතසභා මන්ත්‍රී රාජරත්නම් හා හිටපු පළාත්සභා මන්ත්‍රිනී සහ ආසන සංවිධායක ශාන්තිණි කෝන්ගහගේ යන මහත්ම මහත්මින්ද සහභාගී විය.