නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය හා වත්මන් රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි ලබාදීමට පැමිණියේ ය.
කාරක සභව අද (6) පස්වරුවේ එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී අමාත්‍යවරයා විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සිටින අවධියේ දී සිදු කළ කාර්යයන් සම්බන්ධයෙන් පැහැදිළි කරමින් සාක්ෂි ලබාදීම ආරම්භ කළේ ය.