1999 දී දේශපාලනයට පිවිසි ස්වරාජ් මහත්මිය භාරතීය ජනතා පක්ෂය බලයේ සිටි ආණ්ඩු වල ජනමාධ්‍ය අමාත්‍ය පදවිය හා විදේශ කටයුතු ඇමැතිවරියක වශයෙන් ද කටයුතු කොට ඇත. ස්වරාජ් මහත්මිය නිල කටයුතු සඳහා කිහිපවතාවක් ශ්‍රී ලංකාවට ද පැමිණියාය. මිය යනවිට 67 වැනි වියෙහි පසු වූ ඇය වකුගඩු සැත්කමකට භාජනය වීම නිසා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටියාය. හදිසි හෘදයාබාධයක් නිසා ඊයේ (06) රාත්‍රී නවදිල්ලියේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.