කාර්යාංශයේ දඹුල්ල පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වුණු මෙම වෛද්‍ය කදවුරේදී කායික රෝග සායනයක්,දන්ත සායනයක්, ආයුර්වේද වෛද්‍ය සායනයක්ද පැවැත් වූ අතර, ජංගම ඖෂධාගාරයක් මගින් නොමිලේ ඖෂධ ලබාදීම ද සිදුවිය.
ඊට අමතරව අක්ෂි සායනයක් මගින් ඇස් පරික්ෂා කර නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සිදුකළ අතර,සෞඛ්‍ය පරික්ෂණාගාරයක් මගින් වෛද්‍ය පරික්ෂණයන්ද සිදුකරන ලදී.
මෙම සෞඛ්‍ය සායනය සදහා මාතලේ, දඹුල්ල, ගලේවෙල ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි විදේශ ගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක්සහභාගි වූහ.