අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැති දිසාපති සමුළුවේ දී අදහස් දක්වමිනි.
එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
දැනට ශ්‍රී ලංකාවේ ලාභ නොලබන ආයතන සහ සංවිධාන ලෙස ලියාපදිංචිවූ භාර 3000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ සංවිධාන පවත්වාගෙන යන්නේ අපේ රට සිලෝන් ලෙස හැඳිනුවූ කාලයේ සිට පැවත එන අණ පනත් අනුව. මේ අණ පනත් අද කාලයට ගැලපෙන්නේ නැහැ. දැනට තියෙන නීතිය අනුව දිසාපති කාර්යාලයක මෙවැනි භාරයක් ලියාපදිංචි කිරීමේ හැකියාව තිබෙනවා. මෙවැනි භාර ලියාපදිංචි කරලා විවිධ ආකාරයේ මුදල් රටට ගෙන්වා ගන්නවා. මේ ගැන සොයා බැලීමේ පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක් නැහැ. දැනටමත් මෙය රටට ප්‍රශ්නයක් වෙලා. අපේ රටට ආධාර සහ ණය ලබාදෙන සංවිධාන සහ රටවල් මේ ගැන 2012 වර්ෂයේ සිට මෙරට රජයෙන් විමසා තිබෙනවා. නමුත් අපි කිසිම අවස්ථාවක පිළිතුරු ලබාදී නැහැ.
ඒ වගේම නියාමනයක් සකස් කළ යුතුයි. නැතිනම් අපේ රටට මූල්‍ය ආධාර ලබා ගැනීම පවා ගැටලුවක් වෙනවා. දැනට තිබෙන මූල්‍ය ක්‍රමවේදය සමග මෙරට භාර සම්බන්ධව ඇති නීතිය ගැලපෙන්නේ නැහැ.
අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ රජය මේ ගැන අවධානය යොමු කර දැනටමත් අවශ්‍ය ලිපිගොනු සකස් කර තිබෙන බවයි. එබැවින් දිසාපතිවරුන් ද දිස්ත්‍රික් මට්ටමින් ලියාපදිංචි වී ඇති භාර සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය තොරතුරු ලබාගත යුතු බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.