ලෝ පුරා ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික සහ සංස්කෘතික උත්සවයක් ලෙස සැළකෙන ඊද් දුල් අල්හා හජ්(Eid Ul Alha) මංග්‍යලය වෙනුවෙන් සුභ පැතුම් එක් කරන මේ මොහොතේ එහි වැදගත් හර පද්ධතීන් පිළිබඳව සිහිපත් කිරිම කාලෝචිත වන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
දෙවියන් පිළිබඳ තමන් තුළ ඇති විශ්වාසය සහ භක්තියද, කැප කිරිම සහ පරිත්‍යාගයද මෙහිදි අරුත් ගැන්වේ. ඉන් ඔබ්බට ඉස්ලාමය තුළ ඇති දාර්ශනික හරය තුළ මනුෂ්‍යත්වය ඔසවා තැබෙන අවස්ථාවක් ලෙස මෙම ඊද් දුල් අල්හා හජ් (Eid Ul Alha)මංග්‍යලය හැදින්විය හැකිය.
ලොව පිළිගත් සෑම ප්‍රධාන ආගමක් මඟින්ම අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය තුළ මානව දායාවෙන් පිරි යහපැවැත්මක් නිර්මාණය කිරිමයි. මෙවන් ආගමික , සංස්කෘතික සැමරුම් මඟින් විටින් විට සිහිපත් කර දෙන්නේ එම යහපත් අරමුණයි.
සියවස් ගණනාවක් පුරා ඉස්ලාම් දහම අදහන ශ්‍රි ලාංකිකයන් විසින් සමාජයේ සියලු කොටස් සමඟ එම යහපත් ගණුදෙනුව සිදුකර ඇති බවද, ඉදිරියටද ඔවුන් එකම ශ්‍රි ලාංකික ජාතියක ගෞරවනිය සමාජිකයන් ලෙස මාතෘභූමිය වෙනුවෙන් කැපවනු ඇති බවද මාගේ විශ්වාසයයි.
සිය ශුද්ධ වු විශ්වාසයන් සමඟින් හජ් වන්දනාවේ යෙදුණූ ශ්‍රි ලාංකිකයන්ගේ පුජෝපහාරයන් මෙන්ම බැතිබරව ඊද් දුල් අල්හා හජ් (Eid Ul Alha) මංග්‍යලය සමරන සමස්ත ශ්‍රි ලාංකේය ඉස්ලාම්වරුන්ගේ කැප කිරිම හා පරිත්‍යාගය ශුද්ධ වූ අල්ලාහ් දෙවියන්ගේ පිළිගැනිමට ලක් වේවා යැ’යි ප්‍රාර්ථනා කරමින් ඊද් මුබාරක් යනුවෙන් නව අවුරුදු උදාවට ආසිරි පතමි.
කරු ජයසුරිය
කථානායක
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව