පසුගිය ජූලි මස 22 සහ 23 දෙදින ඇතිවූ අධික සුළං තත්ත්වය හේතුවෙන් අක්මීමණ, බෝපේ පෝද්දල, ඉමදුව, හබරාදුව, කරන්දෙණිය, වැලිවිටිය දිවිතුර හා නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි විපතට පත්වූ පවුල් 367සඳහා (15) දින රුපියල් 3,499,930.00ක් වටිනා චෙක්පත් අමාත්‍යවරයාගේ සුරතින් ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් ද සහභාගී වී සිටියහ.