නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ වෙළද හා අලෙවි කුටි වලින් සමන්විත ප්‍රදර්ශනය නුවරඑළියේ කවිතාස් උද්‍යානයේදි පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක මානෙල් කුලරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු මෙම වෙළඳ ප්‍රදර්ශනයට සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ කුඩා පරිමාණ ව්යවසායකයින විසින් තම නිෂ්පාදන ඉදිරිපත් කර තිබුණි.
වස විසින් තොර කෘෂි නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ, විසිතුරුමල්, රසකැවිලි, අත්කම් ඇතුළු විවිධ භාණ්ඩ පාරිභෝගිකයන්ට ඉතා පහසු මිලට මිලදී ගැනීමේ අවස්ථාවන් එහිදී ජනතාවට හිමිවිය.