එදින රාත්‍රීයේ දී පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටත් වී විහාර මාවත, දෙහිවල, මහරගම ප්‍රධාන මාර්ගයේ බෙල්ලන්තර හංදිය කරා ගමන් කර අනතුරුව රත්මලාන,නුගේගොඩ මාර්ගයේ බෙල්ලන්තොට හන්දිය ( කීල්ස් හංදිය ) පසුකර පැපිලියාන දෙසට ගමන් කළ විට පසුව විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින් විහාරස්ථානයට පිවිසීමට නියමිතය.
පෙරහැරට සමගාමීව අගෝස්තු 18 ඉරිදා සිට 21 බදාදා මල් පෙරහැරට සමගාමීව ආගමික වැඩසටහන් සිදු කරනු ලබන අතර අගෝස්තු 18 දින ආරම්භ වී අගෝස්තු 21 දින අවසන් වන මල් පෙරහැරින් පසු ප්‍රථම වරට විහාරස්ථානයේ පිටතට ගමන් කරන ප්‍රථම පෙරහැර අගොස්තු 22 දා ඇරඹෙනු ඇත.
අලි ඇතුන් හා නර්තනාංග රාශියකින් සමන්විත මෙම පෙරහැරේ දී සර්වඥ ධාතු කරඬුව ප්‍රථම වරට දායක කාරකාදීන්ගේ හිස මතින් වැඩවමින් විහාරස්ථනයට නැගෙනහිර වාහල්කඩින් විහාර මාවතට පිවිස දෙහිවල , මහරගම ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණ ඉදිරිපස වාහල්කඩින් විහාරස්ථානයට ගෙවදීමට නියමිතය.
එදිනට සර්වඥ ධාතු කරඬුව වැඩම කරවීමේ පුන්‍යෝත්සවයට, විදුලිබල අමාත්‍ය රවී කරුණනායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ඇතුළුව , තවත් ආරාධිතයින් රැසක් සහභාගි වේ.
රන්සිවිලි පෙරහැර අගෝස්තු 23 සිකුරාදා රාත්‍රී 07.30 ට පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටවී විහාර මාවත, දෙහිවල, මහරගම ප්‍රධාන මාර්ගයට ප්‍රවිශ්ට වී ශ්‍රී සෝමරතන මාවත විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින් විහාරස්ථානයට ඇතුළුවේ.
අගෝස්තු 25 ඉරිදා දින උදැසන දියකපන පෙරහැර මංගල්‍යය හා දේව දානය පැවැත්වේ.
එදින උදැසන දිය කැපිම සදහා බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ බටහිර වාහල්කඩින් පිටත්වන දියකැපීමේ පෙරහැර දෙහිවල , මහරගම ප්‍රධාන මාර්ගය පිවිස විහාර මාවත, පැපිලියාන පාර , කොළඹ - හොරණ පාර ඔස්සේ බොරලැස්ගමුව නගරයට පැමිණ පසුව අබේරත්න මාවත ඔස්සේ බොරලැස්ගමුව කටු ඇළ වෙත ළඟා වී එහි දී දිය කැපීමේ චරිත්‍රය සිදුකරයි . එදින දේව දානයෙන් පසුව පෙරහැර අවසන් වේ.