පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු ද පසුගිය(09) වනදා සිට මාධ්‍යයට විවෘත කෙරුණු අතර ඒ අනුව (21) පෙරවරුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු මාධ්යයට විවෘත කළේ ය. කතානායක් කරූ ජයසූරිය මහතා එම අවස්ථාවට එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.
අද වන විට ලෝකයේ ආදර්ශමත් පර්ලිමේන්තු අතුරින් එකක් බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පත්ව තිබෙන බවත් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ඇගයීමට පවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පත්ව ඇති බවත් පැවසූ කතානායකවරයා රජයේ ඉහළ තනතුරු දරණ රාජ්‍ය නිලධාරින් මෙම කමිටු වලට පැමිණෙන බැවින් එම කමිටු රැස්වීම් වාර්තාකිරීමේදී ඉතා වගකීමෙන් වාර්තා කරන ලෙසත් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය 2018 වසරේ ගිණුම් වාර්තා මෙම වසරේ(2019) අය වැයට පෙර පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති අතර මෙය නව ප්‍රවණතාවක් බවත් පසුගිය වසරේ ගිණුම් සියල්ල මෙම වසරේ අයවැයට පෙර ඉදිරිපත් කිරීම සෑම රාජ්‍ය ආයතනයකම යුතු කමක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න , පොදු ව්‍යාපර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති ඇතුළු කමිටු සමාජිකයින් රැසක්ද , විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.