කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) , ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) , ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) , ජාතික තරුණසේවා සභාව (NYSC) , පුද්ගිලික අංශය යන ආයතන මගින් NVQ සහතික නිකුත්කර ඇත. ඒ අනුව නිපුනතා පාදක ඇගයීම (CBT) , පෙර දැනුම ඇගයීම (RPL) , ආයතන පාදක ඇගයීම (EBT) යන අංශ හා ක්‍ෂේත්‍ර යටතේ එම සහතික ලබාදී ඇත. ඒ අනුව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) ආයතනය මගින් නිපුනතා පාදක ඇගයීම් (CBT) සහතික 41802ක් , පෙර දැනුම ඇගයීම් (RPL) සහතික 119ක් ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මගින් ඇගයීම් සහතික (CBT) 22037ක් , පෙර දැනුම ඇගයීම (RPL) සහතික 50530ක් , ආයතන පාදක ඇගයීම් (EBT) සහතික 8731ක්ද ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) මගින් ඇගයීම් සහතික (CBT) 123908ක් , පෙර දැනුම ඇගයීම (RPL) සහතික 7905ක්ද , ජාතික තරුණසේවා සභාව (NYSC) මගින් ඇගයීම් සහතිකපත් (CBT) 11316 ක්ද , පුද්ගලික අංශය මගින් ඇගයීම් සහතිකපත් (CBT) 119255ක් ද ,යනාදිය වශයෙන් වෘත්තීය ක්‍ෂේත්‍ර 240කට අධික ප්‍රමාණයක් සදහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබාදී ඇත.