2019-10-02 දින කොළඹදී පැවැත්වීමට නියමිත “API ASIA CONFERENCE 2019” සහ ඔක්තෝබර් මස පළමු සතිය පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත “INNOVATION WEEK” පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන අද අගෝස්තු 22 රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ICTA හි ජේෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා, BCS හි හිටපු සභාපති රුවන් අමරසේකර මහතා, CSSL හි සභාපති ප්‍රභාත් සමින්ද්‍ර, SLASSCOM හි සභාපති රනිල් රාජපක්ෂ, FITIS හි සභාපති අබ්බාස් කම්රුදීන්, Womens Chamber for Digital හි සභාපති ජයෝමි ලොකුලියන යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර ඔක්තෝමබර් මස සතිය පුරා සිදුකිරීමට නියමිත නවෝත්පාදනය පිළිබද දැනුවත් කිරීම ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය වෙනුවෙන් ඔවුන් මෙහිදී සිය අදහස් දැක්වූහ
මෙහිදී අදහස් දැක්වූ ICT ආයතනයේ ජේෂ්ඨ උපදේශක ඉන්දිකද සොයිසා මහතා පැවසුවේ, 2022 වසර වන විට ඩොලර් බිලියන 5ක අපනයන ළගා කරගැනීමට බලාපොරොත්තු වන බවයි. මෙහිදී කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් ඇතිකිරීමටත්, තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියා අවස්ථා 125,000ක් ලබාදීමටද අපේක්ෂිතය.
ගම් වල සිටින දරුවන් හට මෙය ඉතා වැදගත් අවස්ථාවක් වන්නේ මෙමගින් තොරතුරු තාක්ෂණය භාවිතා කර තම ජීවිතයට, පවුලට, ගමට සහ රටට යමක් ලබාගන්නේ කෙසේද යන්න සහ තමන්ට මෙම තොරතුරු තාක්ෂණයෙන් ලැබිය හැකි ප්රතිලාභ කවරේද සහ රැකියා අවස්ථා පිළිබදව මෙමගින් අවබෝධ කරගත හැකි නිසා බව ICT ආයතනයේ ජේෂ්ඨ උපදේශකවරයා මෙහිදී කියා සිටියේය. එමෙන්ම මෙහිදී ලංකාවේ නව සොයාගැනීම් ඇගයීමට ලක්කිරීමද, නව පර්යේෂණ පත්‍රිකා පිළිබද සාකච්ඡා කිරීමටද නියමිතය. පුරවැසියන්ගේ දෛනික ජීවිතයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනය කිරීමටත්, නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීම උදෙසාත්, ආයෝජකයන් හා අනෙකුත් රටවල් වල විශේෂිත අවදානය ආකර්ෂණය කරගැනීමටත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය ප්‍රජාවන් අතර ප්‍රවර්ධනය කිරීම සදහාත් ජපානය, නෝර්වේ, නෙදර්ලන්තය හා පින්ලන්තය වැනි ලෝකයේ බොහෝ රටවල් ඒ සදහා වෙන්වුණු විශේෂිත සතියක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කර ඇත. මෙම ප්‍රවණතාවය අනුගමනය කරමින් ශ්‍රී ලංකාවද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ නවෝත්පාදන සතිය 2019 ඔක්තෝබර් මස 7 සිට 14 දක්වා ප්‍රකාශයට පත්කර ඇත.
ඩිජිටල්කරණය තුළින් දැනුම පාදක සමාජයක් බිහිකිරීම උදෙසා වූ රජයේ දැක්ම පාදක කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. ඉහත වැඩපිළිවෙල තුළින් ජාත්‍යන්තර අවදානය දිනාගැනීමට අපේක්ෂා කරන අතර ඒ ඔස්සේ ක්ෂේත්රයේ කීර්තිමත් පුද්ගලයින් ඇතුළු මෙරට තාක්ෂණික සමාජය ලෝකය වෙත රැගෙන යාමට දායක විය හැකි පිරිස් ආකර්ෂණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙය දැනුම පාදන සංචරණය සදහා දිරිදීමක් වන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ නවෝත්පාදන වැඩසටහන් සදහා සත්කාරක ගමනාන්තයක් ලෙස ලංකාවේ ප්‍රතිරූපය ශක්තිමත් වනු ඇත. ශ්‍රී ලංකාව දැනටත් FutureGov, Asia Pacific ICT Awards, World Summit Awards වැනි ජාත්‍යන්තර උත්සව සදහා සත්කාරක ලෙස කටයුතු කර ඇත.