ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලේ

    අගෝස්තු 26, 2019

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සදහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම, මාතලේ, පොළොන්නරුව, යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිත හමුවක් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, නාලක කොලොන්නේ, රෝහිණි විජේරත්න, ඉම්රාන් මහරුෆ් යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලඥයින් විශාල පිරිසක් සහභාගිව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya