කැලණිය, වත්තල ප්‍රදේශයේ ගංවතුර උවදුරට විසඳුමක් ලෙස රුපියල් මිලියන 1500 ක ආයෝජනයක් සිදු කරමින් දේශීය තාක්ෂණයෙන් සැලසුම් හා ඉදිකිරීම් කටයුතු සිදු කර ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල පොම්පාගරය ඔලියමුල්ල ජල පොම්පාගාරය වෙයි.ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී කැලණිය ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු ද මෙයට සහභාගීවීමට නියමිතය.