ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    රැඳවියන්ගේ කලා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ''ලලිත සිර සර'' සැප්.08 දා

    අගෝස්තු 26, 2019

    දිවයිනේ සියළුම බන්ධනාගාර වල දීරගකාලීනව සිරගත වී සටින රැඳවියන්ගේ කලා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සහ පුනුරුත්ථාපනය වූ විනයගරුක පුරවැසියෙක් ලෙස ඔවුන් සමාජගත කිරීමේ අරමුණින් ''ලලිත සිර සර '' නමින් ප්‍රසංගයක් සැප්තැම්බර් මස 08 වන දින සවස 6.30ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටි.ඒම්.ජේ.ඩබ්.තෙන්නකෝන මහතා පවසයි.

    මේ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් (22) බන්ධනාගාර පුහුණු පාසලේදී පැවැත් වූ අතර ඒහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කොමසාරිස්වරයා පැවසුවේ, දැන හෝ නොදැන සිදුකරන ලද සමාජ විරෝධී ක්‍රියා හේතුවෙන් බන්ධනාගාර ගත වූ පුද්ගලයා යහපත් පුද්ගලයකු බව‌ට පත් කිරිමේ කාර්ය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු බවත් ඒම බන්ධනාගාර ගත වු නේවාසික රැඳවියන්ගේ පුනුරුත්ථාපන ක්‍රියාවලියෙහි තවත් ඒක් අංගයක් ‌‌ලෙස ‌මෙම වැඩසටහන සංවිධානය කල බවත්ය.

    මෙම අවස්ථාවට ඒක් වූ පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන බන්ධනාගාර ‌කොමසාරිස් චන්දන ඒ්කනායක මහතා විවිධ පරිසර වල සිට බන්ධනාගාර ගත වූ ‌මෙම රැඳවියන් වසරකට වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගත වී සිටි අය බවත් ඇතැම් රැඳවියන් වසර 8ක් පමණ බන්ධනාගාර ගත වී සිටි අය බවත් රසඥතාව ඔප මංට්ටම් කර ගැනීමට ඔවුන්‌ට කිසිදු අවස්ථාව ලැබී නැති බවත් පැවසීය .ඔවුන් නිවැරදි පුද්ගලයන් ‌ලෙස සමාජගතකිරීම අප සතු වගකීමක් බව පැවසූ ඒ්කනායක මහතා බන්ධනාගාර රැඳවියන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්ද ඉදිරියේදී පැවැත් වීමට කටයුතු කරන බවත් ඒ් සඳහා 600කට වැඩි චිත්‍ර සංඛ්‍යාවක් එකතු වී ඇති අතර ඒ් සඳහා අවශ්‍ය කටයුතු ‌මේ වන විටත් සිදු ‌කෙරෙන බවද පැවසීය.

    රැඳවියන්ගේ පවුල් වල අයටද මෙම ප්‍රසංගය නැරඹිය හැකි අතර ප්‍රවේශ පත් විකිණිමෙන් ලැබෙන ආදායම දිවයිනේ සියළුම බන්ධනාගාර වල සංගීත කටයුතු නගා සිටුවීම සඳහා සංගීත භාණ්ඩ මිලදී ගැනීමට යොදවන බවද ‌කොමසාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     මෙම ප්‍රසංගය සඳහා රැඳවියන් 101 දෙනකු සහභාගී වීමට නියමිත අතර මින් 12 ‌දෙනෙකු කාන්තා රැඳවියන්ය. විදේශිය කාන්තාවන් 4 ‌දෙනෙකුද ‌මේ අතර ‌වේ.බන්ධනාගාර නිලධාරින් 27 දෙනෙකුද ප්‍රසංගය සඳහා සහභාගී වීම මෙහි ඇති විශේෂත්වයකි. ප්‍රවීණ සංගීත ශිල්පන් රැසක් ‌ප්‍රසංගය සඳහා තම දායකත්වය ලබා ‌දෙයි.

     මෙම රැඳවියන් පුහුණු කිරීම් සිදු කල ප්‍රවීණ රංගණ ශිල්පී සනත් විමලසිරි මහතා පැවසුවේ ඔවුන් තුළ සැඟවුණු දක්ෂතා රැසක් ඇති බවත් මෙය ලෝක බන්ධනාගාර ඉතිහාස‌යේ නව පිටුවක් සනිටුහන් කරන අවස්ථාවක් බවත්ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya