ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සැප්තැම්බර් 03 වන දා

    අගෝස්තු 26, 2019

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් මඟින් පවත්වන ජාතික මට්ටමේ ප්‍රථම හා එකම සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සිව් වසරක නිහැඬියාවකින් පසු නැවතත් 2019 වර්ෂයේ දී කල එළි බැසීමට සියල්ල සුදානම් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යන අංශ ප්‍රධාන මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිත හිමි විසින් අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ නිර්දේශිත නාම හඳුන්වාදීම සඳහා වූ මාධ්‍ය හමුවේ දී පැවසු සේක.

    සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමී ව මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතයි.

    2000 වර්ෂයේ දී සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්සගේ සංකල්පයකට අනුව දිවංගත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ පූර්ණ සහයෝගයෙන් ඇරඹි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල මඟින් මෙවර විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය පද සංග්‍රහය,විශිෂ්ටතම කෙටිකථා සංග්‍රහය, විශිෂ්ටතම නවකතාව සහ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය යන විෂය ඛාණ්ඩ පහක් යටතේ සම්මාන ප්‍රදානය කිරීමට නියමිතයි.

    ඒ අනුව, 2019 සැප්තැම්බර් මස 03 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල මැදුරේ සම්මන්ත්‍රණ ශාලාවේ දී ප.ව. 03.00 ට පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන ආරාධිත සහ මුඛ්‍ය දේශනය සේවාර්ජිත සුනිල් ආරියරත්නයන් විසින්
    පැවැත්වීමට නියමිතයි.

    මෙවැනි සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීම මඟින් ශිෂ්‍යන්ගේ දක්ෂතා වර්ධනය, රට තුළ සාහිත්‍ය උද්දීපනය පමණක් නොව ආකල්ප වර්ධනය සඳහා ද මහඟු රුකුලක් වනු ඇතැයි ද, මෙය හුදෙක් සාමාන්‍ය සාහිත්‍ය සම්මාන උළෙලකට
    එහා ගිය සාහිත්‍ය කරුවන්ට වඩා වැඩි වටිනාකමක් ලබා දිය හැකි සම්මාන ප්‍රදානෝත්සවයක් වන බව ද ඒ සඳහා තම අධ්‍යනාංශයේ සියලුම කාර්යය මණ්ඩලයේ පුර්ණ සහයෝගය ඇතිව විනිවිදභාවයකින් යුතුව සිදු කරනු ලබන සාහිත්‍ය සම්මාන
    උළෙලක් බව ද මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා මේ සඳහා සහභාගී වෙමින් පැවසීය.

    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය නාවලපිටිය අනුරාධා සුධම්මික භික්ෂුණිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුනේත්‍රා කන්කානම්ගේ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හන්සමලා රිටිගහපොල, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුසුමලතා ලංකාමුල්ල, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනානි හරිස්චන්ද්‍ර ආදී ප්‍රවීණ ආචාර්යවරුන් රැසක් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya