ජාතික සංවර්ධන වැඩ සටහනට සමඟාමීව ක්‍රියාත්මක කෙරේ ග්‍රාම සේවා වසම් 435ක් ආවරණය වන පරිදි ජාතික ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ගම් මට්ටමින් දැනුවත් කරයි
යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් බහුතරයක ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මයයි. සත්ව පාලනය හා ධීවර කර්මාන්තය එම දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රධාන නිෂ්පාදන හා ආර්ථික ජීවනෝපායන් වෙනවා. දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් හෙක්ටයාර් 1135 භූමි භාගයක් මහ කන්නයේදී වගාකෙරනවා. කුරක්කන්, මුං ඇට, කවුපි, තල, උදු, රටකජු, මඤ්ඤොක්කා, අර්තාපල්, රතුළූණු, අමු මිරිස්, බීජ අල, දුම්කොළ හා වෙනත් භෝගයන් ද ඊට ඇතුළත් වේ. මෙම කෘෂි භෝගවලින් මෙන්ට්‍රික් ටොන් 12000කට අධික ඵලදාවක් වාර්තා වී තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ යල කන්නයේදී ද හෙක්ටයාර් 884කට ආසන්න භූමි ප්‍රමාණයක මෙම බෝග වගා කරමින් මෙට්ට්‍රික් ටොන් 11700ක ආසන්න අස්වැන්නක් නෙළාගනු ලබනවා. වගා කරන ලද මෙම භෝග අස්වැන්න උපරිම ඵලදායිතාවයකින් යුක්තව පරිභෝජනයට ගැනීමටත්, ආහාර බෝග විනාශ නොවන ලෙස අලෙවිකිරීමටත්, නිවැරැදි සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවීමටත් එමඟින් ගොවීන් සාර්ථක වගාකරුවන් බවට පත් කිරීමට ඔවුන් නිරන්තරයෙන් දැනුවත් කිරීම වැදගත් වන බැවින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ආහාර සුක්ෂිතතා වැඩසටහන මඟින් ඔවුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන අතර ඊට ව්‍යාපෘති 420ක් ඇතුලත් වන බව යාපනයේ දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායහන් මහතා පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩ සටහන හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා වැඩසටහන මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ආහාර
පිළිබඳව ගොවීන්, නිෂ්පාදකයින් හා වෙළෙඳ ප්‍රජාව දැනුවත් කර මහජනතාට සෞඛ්‍ය ආරක්ෂිත භාණ්ඩ ප්‍රමිතියකින් යුක්තව නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම හා පරිභෝජනය පිළිබඳව දැනුවත් කරමින් නව ආහාර තාක්ෂණයන් යටතේ ආහාර
නිෂ්පාදනය පිළිබඳව පුළුල් දැනුවත් කිරීම මෙම වැඩසටහන තුළින් සිදුකෙරේ. යාපනය දිස්ත්‍රික්කයට ආවේණික වූ තල් ආශ්‍රිත නිෂ්පාදන (තල් හකුරු, තල් පැණි, තල් බීම, තල් ජෑම්, තල් රසකැවිලි) මෙන්ම පාම් සෝයා වැනි ආහාර සෞඛ්‍යාරක්ෂිතව නවීන තාක්ෂණය යටතේ නිෂ්පාදනය කිරීම පිළිබඳව ද විදාතා මධ්‍යස්ථාන මඟින් මෙම නිෂ්පාදකයින්ට පුළුල් දැනුමක් හා නිවැරැදි මාර්ගෝපදේශකත්වයක් ලබාදීමට කටයුතු කර ඇති අතර මෙම වැඩසටහන සඳහා අලුතින් ආහාර නිෂ්පාදන ආශ්‍රිතව ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායකයින් ඇතුළු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රෙය් ව්‍යාපාරිකයින් පිරිසක් මීට එක් වී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
යාපනය දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
(නිවේදන අංක: 04/ 2019.08.26)