ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    බුදුපුත් සුරක්ෂා හිමිකම් ප්‍රදානෝත්සවය මහනුවර දී

    අගෝස්තු 27, 2019

    බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා පෝෂණය උදෙසා විශාල සේවාවක් ඉටු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උදෙසා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාතංශය මගින් ක්‍රියාත්මක කරන ''බුදුපුත් සුරක්ෂා'' සෞඛ්‍යාවරණ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන අගෝස්තු30 වැනි දින ප.ව. 2.30 ට මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

     මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැඩ සිටින ගරුතර සංගරත්නය වෙනුවෙන් මෙහිදී හිමිකම් ප්‍රදානය සිදු කෙරෙනු ඇත.

    බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසක්ද සහභාගී වීමට නියමිතය.

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya