බුද්ධිඅංශයට ඉතා අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට තමා සූදානම් පැවසූ යුදහමුදාපතිවරයා රටේ ආරක්ෂාව ,ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂව මෙන්ම යුධ හමුදාවේ දියුණුව කෙරෙහි තමන් සෑම විටම කැප වී සිටින බවද අවධාරණය කර සිටියේය.
ඒ මහතා මේබව පැවසුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත කොළඹ ආරක්ෂක සමුළුව සහ දියකාවා මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනකට ඊයේ(26) එක්වෙමිණි.
9 වන වරට පැවැත්වෙන කොළඹ ආරක්ෂක සමුළුව අගෝස්තු 29, සහ 30 යන දිනයන්හිදී සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශය වන හමුදාමය විශිෂ්ටත්වය යන තේමාව ඔස්සේ රටවල් රැසක සහභාගිත්වයෙන් සිදු කෙරේ.
ජාතික, කලාපීය හා ගෝලීය හේතූන් උපයෝගී කරගෙන ස්ථාවර ආරක්ෂක වටපිටාවක් ගොඩනගා ගැනීමට අදාළ ජාතික සහ ජාත්‍යන්තර විසදුම් මෙම සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වන අතර ලංකාවේ දැනට පවතින ආරක්ෂක වටපිටාව පිළිබඳවද විමර්ශනය කිරීමට නියමිතය .
අවසානයේදී 10 වන වරටත් පැවැත්වෙන දියකාවා යුධ අභ්‍යාසය සැප්තැම්බර් මස 3 වනදා සිට 23 වන දා දක්වා දේශීය සහ විදේශීය යුධ ගුවන් නාවික විශේෂ හමුදා භට කණ්ඩායම් හි සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය