ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    විදේශ රැකියාවට ගොස් අනතුරකට ලක්වූ ශ්‍රමිකයාට කාර්යාංශයෙන් උපරිම සහන

    අගෝස්තු 28, 2019

    මැලේසියාවේ රැකියාවක් සදහා ගොස් එහිදී සිදුවූ අනතුරක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රමිකයෙකු, කාර්යාංශයේ මැදිහත්වීම මත 23 දින දිවයිනට ගෙන්වා ගත් බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

    පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එක් දරු පියෙකු වන සුබ්‍රමනියම් නිමල්සිරි මහතා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා 2017 වසරේදී ගෘහස්ථ නොවන පිරිසිදුකරන්නෙකු වශයෙන් රැකියාව සදහා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති අතර, එහිදී ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍රයක් පිළිසකර කරමින් සිටියදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වී තිබේ.

    නිමල්සිරි මහතා 2019 වසරේ  ජූලි මස 09 දින සිට මාසයකට අධික කාලයක් මැලේසියාවේ Tengku Ampuan Rahimah රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ඇති අතර, මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්ගේ දැඩි කැපවීම මත ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වී තිබේ.

    අකර්මන්‍ය රෝගියෙකු සදහා දෙනු ලබන විශේෂ පහසුකම් සහිතව නිමල්සිරි මහතා දිවයිනට ගෙන්වා ගැනීමට කාර්යාංශය කටයුතු කර තිබේ. ඔහුගේ සහය සදහා විශේෂ වෛද්‍යවරයෙකුද ඔහු සමඟ මෙරටට පැමිණ ඇති අතර, ඔහුගේ ප්‍රතිකාර හා දිවයිනට ගෙන්වා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ට ආසන්න මුදලක් කාර්යාංශය විසින් වැය කර තිබේ.

    දිවයිනට ගෙන්වා ගැනීමෙන් අනතරුව කාර්යාංශයේ කටුනායක සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya