රට තුළ දත්ත ආරක්ෂණයට සහ සයිබර් ආරක්‍ෂණයට නිසියාකාර නීතියක් තවමත් නොමැති බවත්, ඒ සඳහා තම අමාත්‍යංශය මඟින් නව නීතියක් කෙටුම්පත් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු තම අමාත්‍යංශය මඟින් සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
ඩිජිටල් හා යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශයේ අනුග්‍රාහකත්වය සමඟින් INFOTEL සඳහා ජාතික සහකරුවන් ලෙස තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) තම දායකත්වය ලබා දෙන අතර, ශ්‍රී ලංකා පරිගණක සංගමය, BCS - ශ්‍රී ලාංකික අංශය සහ SLASSCOM ආයතනය ක්‍ෂේත්‍ර සහකරුවෝ ලෙස තම දායකත්වය ලබා දේ.
මෙම ප්‍රදර්ශනය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ සංවිධානවල ප්‍රධාන තලයේ තීරකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, වෘත්තිකයින් ව්‍යවසායකයින්. අධ්‍යාපනඥයින්, අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාල සහ පාසල් ප්‍රජාවන් හි සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, පුළුල් පරාසයක තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ විසඳුම්, සේවාවන් ඉදිරිපත් කරමින් ඩිජිටල් අවකාශය තුළ නව ව්‍යාපාර සහ අවස්ථාවන් සඳහා ඵලදායී වේදිකාවක් නිර්මාණය කර දෙයි. ඒ අනුව, මෙම වසරේ 'ඩිජිටල් ජාතියක් කරා' යන තේමාවෙන් යුතුව පැවැත්වීමට අදහස් කරන ලද්දේ ඩිජිටල් තාක්‍ෂණයෙන් පෝෂිත සියල්ලෙන් සපිරි ජාතියන් බිහි කිරීමේ අරමුණින් යුතුව බව FITIS - සභාපති අබ්බාස් කමුර්දින් මහතා සඳහන් කළේය.
INFOTEL - 2019 ප්‍රදර්ශනයේ දී ඩිජිටල් ජිවන රටා, සුහුරු නගර සංකල්ප, ඩිජිටල් සේවා වේදිකා, ඩිජිටල් ව්‍යවසායන්, රොබෝ තාක්‍ෂණය, IOT ජාලකරණය, Startups, e-Education, e-marketing, e-health, ෆින් ටෙක් ඩිජිටල් බැංකුකරණය, වෘත්තීය මඟ පෙන්වීම, සහ උසස් අධ්‍යාපන ආදී ලොව මතු වෙමින් පවතින ඩිජිටල් ඉසව් රැසක් පිළිබඳව වටිනා දැනුම් සම්භාරයක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වන්නන්න්ට ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.
INFOTEL 2019 සඳහා අලෙවි කුටි 150 ක්, සිසුන් 10,000 ක් ගුරුවරු 8,000 ක් සහ 50,000 කට අධික මහජනතාව සහභාගී වනු ඇතැයි ද අපේක්‍ෂා කෙරෙන බව සඳහන් වූ අතර වැඩිදුර තොරතුරු සඳහා 011-2577103 දුරකථන ඔස්සේ FITIS ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය.
මාධ්‍ය හමුව සඳහා ඩිජිටල් හා යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, FITIS ප්‍රධාන විධායක අරුණ අල්විස්, EDB සහය අධ්‍යක්‍ෂ K.P කරුණාරත්න ආදී විශේෂිත ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වුහ.