මෙම " සහිරුගම " ඉදිවිම මගින් පවුල් 23 කට නිවාස හිමිකම් ලබාදීම සිදු කෙරේ. ජලය හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පහසුකම්, ප්‍රවේශ මාර්ග සහිතව නව ගම්මානය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස, ඉකිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව තවත් වැඩසටහන් රැසක් එදිනට ක්‍රියාත්මක කරයි.
සංවර්ධිත බිම් කොටස් 23 ක හිමිකම් ලබාදීම. (වටිනකෙම රු.ලක්ෂ 115 ), ප්‍රතිලාභීන් 54 ක් සදහා " විසිරි ණය" චෙක්පත් ප්රදානය, (වටිනාකම රු .ලක්ෂ 108), ප්‍රතිලාභීන් සදහා " ග්‍රාම ශක්ති " නිවාස ආධාර චෙක්පත් ප්රදානය, (වටිනාකම රු. ලක්ෂ 106 ),ප්‍රතිලාභීන් 50 ක් සදහා "සොදුරුපියස " නිවාස ණය ප්රදානය ( වටිනාකමරු . ලක්ෂ 100 ), " ශිල්ප සවිය" පුහුණුලාභීන් 80 ක් සදහා ප්රතිලාභ ලබාදීම . (වටිනාකම රු .ලක්ෂ 40 ) , දෘෂ්ඨි ආබාධ සහිතවුවන් සදහා ඇස් කණ්ණාඩි ප්රදානය ආදී වැඩසටහන් එම දිනයෙහි ක්‍රියාත්මක වේ.