ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    සැප්තැම්බර් 01 වෙනිදා සෑම පාසලකම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි

    අගෝස්තු 28, 2019

    සැප්තැම්බර් 02 වනදායින් ඇරඹෙන තෙවන පාසල් වාරයට ප්‍රථම දිවයිනේ සෑම පාසලක්ම කේන්ද්‍ර කර ගනිමින් විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහන් සැප්තැම්බර් 01 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි රජයේ නිළ පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළාය.

    එතුමිය වැඩිදුරටත් පවසා සිටියේ අද වන විට ඩෙංගු රෝගීන් 42,003ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව රෝගීන් 3000 ක පමණ වැඩිවීමක් බවයි. මෙම රෝගීන්ගෙන් 8800ක් කොළඹින්ද, 6388ක් ගම්පහ ප්‍රදේශයෙන්ද, 4046ක් කලුතරින්ද, ගාල්ලෙන් රෝගීන් 4334ක්ද, නුවරින් 2500ක් ද, යාපනයෙන් 2100 ක් සහ මාතරින් 2100ක් ද වශයෙන් රෝගීන් වාර්තා වී ඇත. එමෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහන් අගෝස්තු 29, 30 සහ 31 යන තෙදින පුරා ක්‍රියාත්මක කිරීමටද නියමිතය. පසුගිය වසරේ වාර්තා වුණු ඩෙංගු මරණ සංඛ්‍යාව 58ක් වන අතර මේ වසරේ මේ වන විට ඩෙංගු මරණ 64ක් වාර්තා වී ඇති බවද වෛද්‍යතුමිය ප්‍රකාශ කළාය.


    ඩෙංගු මර්දනය සදහා ජනතාවට සිය දායකත්වය ලබාදිය හැකි බව ප්‍රකාශ කරමින් ඇය කියා සිටියේ උණ වැළදී ඇත්නම් ඩෙංගුදැයි සැකහැර දැනගැනීමට වහාම වෛද්‍යවරයෙකු හමුවන ලෙසත්, උණ අඩුකර ගැනීම සදහා පැරසිටමෝල් සම්බන්ධ ඖෂධ පමණක් භාවිතා කරන ලෙසත් ය. විශේෂයෙන්ම ජනතාව තමා අවට පරිසරය පිළිබද විශේෂ අවදානයක් යොමු කරමින් පරිසරය පිරිසිදුව පවත්වා ගැනීමට කටයුතු කිරීම තුළින් ඩෙංගු මදුරුවන් බෝවීම අවම කරගත හැකි බව වෛද්‍යවරිය පැවසුවාය. උදේ සහ හවස් කාලයේ සෑම දෙනෙකුම අනුමත මදුරු විකර්ශක ආලේප භාවිතා කිරීම ඉතා වැදගත් බවද විශේෂයෙන්ම පාසල් ඇරඹීමත් සමග දරුවන්ට අනුමත මදුරු විකර්ශක ආලේප ශරීරයෙහි ආලේප කර පාසල් යැවීමට දෙමාපියන් කටයුතු කල යුතු බවත් ඇය පවසා සිටියාය. විශේෂයෙන් එතුමිය අවදාරණය කළ තවත් වැදගත් කරුණක් වූයේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල ඩෙංගු මර්දනය සදහා කමිටුවක් තිබිය යුතු බවත්, එය සතියකට වරක්වත් රැස්වී ඩෙංගු මර්දනය සදහා සක්‍රීයව කටයුතු කල යුතු බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya