මේ 31 දින දක්වා මෙරට රැඳී සිටින අගරදගුරු හිමිපාණෝ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ද බැහැ දැකීමට සහ කොළඹ අගරදගුරු අති අතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට නියමිතය.
එමෙන්ම ජනාධිපතිතුමා,අග්රාමාත්යතුමා සහ විපක්ෂ නායකතුමාද හමුවීමට නියමිත බව වාර්තා වෙයි. මෙරට ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගු කිරීම මේ සංචාරයේ අරමුණ වන අතර, පාස්කු දින ප්රහාරයට ලක් වූ කටුවාපිටිය දේවස්ථානයට ගොස් පාස්කු දින ත්රස්ත ප්රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූ පුද්ගලයන් හමුවීමට ද නියමිතය.