ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ජනපති  " විබුධ ජන ප්‍රසාදක” සම්මාන උපාධියෙන් පිදුම් ලබයි

    අගෝස්තු 30, 2019

    ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (29) පස්වරුවේ කොළඹ, නෙළුම් පොකුණ රංගශාලාවේ දී පැවත්විණි.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2012 වර්ෂයේ සිට 2017 දක්වා පවත්වන ලද ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත් 300ක පමණ පිරිසක් සඳහා ප්‍රාචීන පණ්ඩිත උපාධි පිරිනැමීම මෙහිදී සිදු විය.

     ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද විශේෂ ගෞරව උපාධියකින් පිදුම් ලැබූ අතර   "විබුධ ජන ප්‍රසාදක” සම්මාන උපාධිය විද්‍යෝදය පරිවෙණාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.


    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා මහා ලේඛකාධිකාරි, කැළණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමිපාණන් වහන්සේ වෙත  "සම්මාන පණ්ඩිත උපාධිය” පිරිනැමීම ගරු ජනාධිපතිතුමා අතින් සිදු විය. 

     

    ප්‍රාචීන පණ්ඩිත උපාධි පරික්ෂණයෙන් 2012 වසරේ ප්‍රථම පන්ති සමාර්ථ හිමිකරගත් පූජ්‍ය මානාපිටියේ වජිරබුද්ධි ස්වාමින් වහන්සේ වෙත  "ස්වර්ණ මුද්‍රිකාව” පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.


    මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ සභාපති තිස්ස හේවාවිතාරණ මහතා ඇතු`ථ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya