මුදල් අමාත්‍යාංශයේ (29)පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සදහන් කළ වික්‍රමරත්න මහතා ප්‍රාග්ධනය වැඩි කිරීමෙන් මහජන බැංකුවේ ශක්තිය වර්ධනය වන බවද කීය.
මහජන බැංකුවේ දැන් තිබෙන ප්‍රාග්ධනය රුපියල් බිලියනයකි.එය බිලියන 50 ක් දක්වා වර්ධනය කරගත යුතුය.මේ සදහා මහජන බැංකු පනත සංශෝධනය කරන ලෙස විගණකාධිපතිවරයා 2014 – 2015 වාර්තාවෙන් යෝජනා වී තිබුණි.ශ්‍රි ලංකා මහජන බැංකුවේ මුදල් මණ්ඩලයද කිහිපවරක්ම මෙම ඉල්ලීම කර ඇත.
ප්‍රාග්ධනය වැඩිකර ගැනීමෙන් මහජන බැංකුවට ණයකර නිකුත් කිරීමට අවස්ථාව ලැබේ.දැනට ණයකර නිකුත් කිරීමේ හැකියාව තිබෙන්නේ රුපියල් බිලියන 50ක ප්‍රාග්ධනයක් හිමි ලංකා බැංකුවට පමණක් බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මහජන බැංකු පනතේ 13 වැනි වගන්තිය අනුව එය රජයට අයත් ආයතනයක් බව පැහැදිලිව දන්වා ඇති බවත් එහෙත් යෝජිත සංශෝධන පනත මගින් එම වගන්තිය සංශෝධනය නොකෙරෙන බවද ඒ මහතා කීය.
මෙම මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබූ අතර ලබන සතියේ එය සම්මත කරගැනීමට යන බවද වික්‍රමරත්න මහතා සදහන් කළේය.