ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ''රටවෙනුවෙන් එකට සිටිමු'' ජනමාධ්‍ය වැඩමුළුව යාපනයේ දී

    අගෝස්තු 30, 2019

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහනට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ජනමාධ්‍ය එක් දින වැඩමුළුවක් ඊයේ (29) දින යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්,නාලක කලුවැව මහතාගේ හා යාපනය දිස්ත්‍රීක් ලේකම් කේ.වේදනායගම් මහතාගේ‍ෙ ප්‍රධානත්වයෙන් වැඩමුළුව පැවැත්විනි. යාපනය ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් කන්ඩායමක් වැඩමුළුවට එක්විය.

     දිස්ත්‍රීක් මාධ්‍ය ඒකක අංශ ප්‍රධානී සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එල්.පී. තිලතරත්න, සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ අබේකෝන්, සහකාර අධ්‍යක්ෂ( මාධ්‍ය ) කපිල ආරියවංශ, නේත්‍රා ටීවී සහකාර අධ්‍යක්ෂ ආචාර්ය එස්. මෝසෙස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය. යාපනය සහකාර සැලසුම් අධ්‍යක්ෂ කේ. ශිවචන්ද්‍රන් මහතා දිස්ත්‍රීක්කයේ සංවර්ධනය පිළිබඳ සමාලෝචනයක්ද මෙහිදී පැවැත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya