වැඩිදුරටත් අදහස් දැක් වු ලේකම්වරිය පැවසුවේ,කලාපීය ගුවන් තොටුපලක තිබිය යුතු සියලු ම පහසුකම් මෙම ගුවන් තොටුපලට හ ලබා දීමට කටයුතු කරන බවය.
මේ වන විට තාවකාලික ජලසැපයුම සඳහා රුපියල් මිලියන 112 ක මුදලක් වැය වෙන බවත්,එමෙන් අනෙක් යටිතල පහසුකම් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව තම අමාත්‍යාංශයේ ඇති ප්‍රතිපාදන ද යොදා ගනිමින් කඩිනමින් ඉදි කොට ජනතා අයිතියට පත් කිරිමට බලාපොරොත්තු වන බවත් පැවසීය.
පලාලී කලාපීය ගුවන් තොටුපල මෙරට ඉදිවන 04 වන ගුවන්තොටුපල වන අතර ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස කටුනායක හා මත්තල ගුවන් තොටුපලවල සැලකේ. මේ වනවිට රත්මලාන ගුවන් තොටුපල අභන්තර ගුවන් ගමන් සඳහා යොදා ගෙන ඇත.