ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    “ස්මාර්ට් ශ්‍රී ලංකා” යාපනය දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

    අගෝස්තු 31, 2019

    තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු යාපනය දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  විවෘත කෙරිණි.

    ශ්‍රී ලංකාවේ විරැකියා ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබාදෙමින් සියලු රැකියා පුහුණු හා සම්පත් මධ්‍යස්ථාන ඒකරාශි කොට දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ ව්‍යවසායකයන් බිහිකිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙරදැරිව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කර්යාලය යටතේ ස්මාර්ට් ශ්‍රී ලංකා මාර්ගෝපදේශන ආයතන ක්‍රියාත්මක වෙයි.

    සමරු ඵලකය නිරාවරණය කර නව මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර මධ්‍යස්ථානය සඳහා ඇතුළත් වූ පළමු සිසුවා ලියාපදිංචි කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අනතුරුව ජනාධිපතිතුමා තරුණ තරුණියන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

    උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya