බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව පළාතේ සහ කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.
අනුරාධපුරය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (01)දහවල් 12.11 ට ඔට්ටපානෙයි, කොහොඹගස්වැව, දළදාගම, තලකිරියාගම, යක්කුරේ, මහඋල්පත සහ කිලන්ගුපලෛ යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව ද අද නිකුත් කළ නිවේදනයේ වැඩි දිරටත් සඳහන් වෙයි.