රට විප්ලවීය වෙනසක් කරා ගෙන යාම සදහා ඉටු කරනු ලබන අනගිභවනීය මෙහෙය වෙනුවෙන් ලෝක සභා එකමුතුව විසින් පිරිනමන සම්මානය, ලෝක ව්‍යාපාරික සංසදය පිරිනමන සම්මාන ද්විත්වය සහ නෙල්සන් මැන්ඩෙලා සාම සම්මානය යන සම්මානයන්ගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පිදුම් ලැබීය.
ක්‍රිස්තියානි පූජකවරුන්ගේ සංගමයේ විධායක සභා සාමාජිකයින් වෙත ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් මෙහිදී සම්මාන පිරිනැමිණි.
මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, ජාතික ක්‍රිස්තියානි සම්මේලනයේ පූජකවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.