තාක්ෂණ අධ්‍යාපන පලගැන්වීම උදෙසා වෘත්තීය නිපුනතාවන්ගේ සපිරි ගුරුපරපුරක් පාසල් පද්ධතියට දායද කිරීමේ අභිලාෂයෙන් රුපියල් මිලියන 3,000 ක මුල්‍ය අයෝජනයෙන් ඉදිවන ප්‍රථම තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙයි.
මෙම අවස්ථාවට කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති හියෝං ලි මහතා ද එක්විය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 1985 වර්ෂයේ දී බිහි වු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අතරට එක්වන විසිවන විද්‍යාපීඨය වන්නේ තාක්ෂණවේදී අධ්‍යායන විද්යාපීඨයයි.
කොරියානු ජනරජය රුපියල් මිලියන 2,500 ක් සහ ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 500 ක මුල්‍ය ආයෝජනය යටතේ මෙය ඉදිකරයි.
සිවුවසරක අධ්‍යාපනවේදී උපාධියක් මෙම ආයතනයෙන් හිමි වෙයි.
ප්‍රධාන වශයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණය සදහා විද්‍යාව,ඉංජිනේරු තාක්ෂවේදය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය යන ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ ගුරු සිසුන් පුහුණු කිරිම සහ තාක්ෂණවේදය ඉගැන්වීම පිළිබද අධ්‍යාපනවේදී උපාධි ගුරුවරුන් පාසල් පද්ධතිය වෙත දායාද කිරීමට අපේක්ෂා කෙරේ.
ගුරු සිසුන් 600 කට එකවර අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය නේවාසිකාගාර, ක්රීඩාගර , දේශනශාලා සමග සුහුරු පනති කාමර , ප්රායෝගාක පුහුණු ක්රියානාරම් සදහා අවශ්‍ය ඉඩ පහසුකම් , පරිගණක විද්‍යාගාර , පුස්තකාල සහ අනෙකුත් සියලු පහසුකම්වලින් මෙම විද්‍යාපීඨය සමන්විත වේ.
ග්රී ලංකාවේ ප්‍රථම තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඉදිවිමේ ප්‍රධානම අරමුණ පාසල් පද්ධතියට නව තාක්ෂණ දැනුම හා යහපත් ආකල්පවලින් පිරිපුන් වගකිව යුතු ගුරු පිරිසක් දායාද කිරීම, අ.පො. ස. ( සා / පෙ ) සහ අ.පො.ස. ( උ / පෙ ) පන්තිවල තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන්ගේ ඌනතාවය අවම කිරීම , අ.පො.ස ( උ / පෙ ) තාක්ෂණ විෂය ධාරාව හදාරන සිසුන්ට තාක්ෂණ විෂය පිළිබද ගුරු ශික්ෂණලාභීන් ලෙස උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසීම, වර්තමානයේ තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන්ට තම වෘත්තීය සංවර්ධනය සදහා සේවාස්ථ ගුරු පුහුණුව ලබා දීම , මෙම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පාඨමාලා ආරම්භකර වසර හතරකට පසුව එක් වසරකට 200 බැගින් නවක ගුරුවරුන් පාසල් පද්ධතියට නිදහස් කිරීමටත් වසරකට 100 බැගින් සෙවාස්ථ ගුරු පුහුණුවට යොමු කිරීමටත් අපේක්ෂිතය .
විශේෂයෙන් මීට සමගාමිව කුලියාපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී , රුපියල් මිලියන 135 ක මුල්‍ය ප්‍රතිපාදන මත ඉදිවන කුලියාපිටිය නව මහජන පුස්තකාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙදින සිදුවිය