ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය සැප්තැම්බර් මස 5 සහ 6 යන දිනයන්හි දී  සුගතදාස ක්‍රීඩාංගණයේදී

    සැප්තැම්බර් 02, 2019

    ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවරත් සැප්තැම්බර් මස 5 සහ 6 යන දිනයන්හිදී  සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වෙන බව ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රජිත අම්පෙමොහොට්ටි මහතා පැවසීය.

    ලබන වසරේ (2020) ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් උළෙලේදී විශාල ජයග්‍රහණ රැසක් ලබා ගැනීමේ අරමුණින්  මෙම ජාතික ක්‍රීඩා උළෙලට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වශාල සංඛ්‍යාවක් සහභාගී කරවීමට විධිවිධාන යොදා ඇති බවද සභාපතිවරයා කීවේය. ඔහු මේ බව පැවසුවේ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය  පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පසුගිය දා ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති  මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

    මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාව සඳහා පැරා ඔලිම්පික් කමිටුව සහ සම්බන්ධ ක්‍රීඩා සමාජ 70ක් පමණ  නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණ සහභාගී වීමට නියමිතය.

    1996 වසරේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරා ක්‍රීඩා උළෙලක් සඳහා සහභාගී වූ අතර එදින පටන් වසර 23ක කාලයක් ජාත්‍යන්තරයේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩාවක් ලෙස පැරා ක්‍රීඩා හැඳින්විය හැක. එපමණක් නොව ඔලිම්පික් පදක්කම් හා සමානවම පැරා ඔලිම්පික් පදක්කම් ද ශ්‍රී ලංකාව සතුකරගෙන ඇත. 

    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අයි. පී. විජේරත්න, ඩයලොග් ආසිආටා ආයතනයේ ජ්‍යේෂ්ඨ සාමාන්‍ය අධිකාරි සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක, පැරා ඔලිම්පික් කමිටුවේ ලේකම් ලුතිනන් දනංජය අළුදෙණිය යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya