ළමයින් වෙනුවෙන් අයිතිවාසිකම් සහතික කළහැකි ආකාරය පිළිබදව සාකච්ඡා කිරීමට සූදානම්ව ඇති මෙම සමළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දකුණු ආසියානු රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අත්වැල් බැඳගෙන සිටියි.
මෙම සමුළුව අද (2) පාර්ලිමේන්තු සංකීරණයේ දී ආරම්භ විය.
මෙම හමුවේදී කලාපයේ ළමුන්ගේ තත්වය පිළිබද සලකා බැලෙන අතර තවදුරටත් ඉදිරියට ප්‍රගතිය සහතික කිරීම සදහා ළමුන්ගේ සියළුම අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීමට ඇති අභියෝග සාකච්ඡා කෙරනු ඇත.
සැප්තැම්බර් මස 02 වැනි දින සිට 03 වැනි දින දක්වා කොළඹ දී පවත්වෙන ළමුන් සදහා වන දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය (South Asia Parliamentarian Platform for Children) ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම සදහා ජාතික න්‍යායපත්‍රයන් වඩාත් ඉක්මන් කරවීම පිණිස නව පොරොන්දු ලබාදීමට ලබාදීමට අවස්ථාවක් ද සළසා දෙනු ඇත.
ළමුන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට මෙම ප්‍රඥප්තිය උපකාරී වී තිබෙන අතර රජය විසින් ළමුන්ට හිතකර ප්‍රතිපත්ති ඇතිකරන බවත් ඒ අනුව නීති සංශෝධනය කරන බවත් වඩාත් වැඩි ළමුන් සංඛ්‍යාවකට මනාසේ වැඩෙන්නට හොද සහ ආරක්ෂිත ළමාකාලයක් ලබන්නටත් අවස්ථාව සැලසෙන සේ ආයෝජන සිදුකරන බවත් සහතික කරගැනීමට එය හේතු වී ඇති බවත් යුනිසෙෆ් දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා ජින් ගෝ මහත්මිය සදහන් කළාය.
දකුණු ආසියානු කලාපයේ ජනගහනයෙන් සියයට 36%ක් වන අපගේ ළමුන් අප විසින් කෙතරම් හොඳින් රැකබල ගන්නේ ද යන්න මත දකුණු ආසියාවේ අනාගතය රැදී පවතින බව කතානායක කරූ ජයසූරිය මහතා ද සඳහන් කරයි.