ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පොල් වගා ප්‍රවර්ධන සතියක්

    සැප්තැම්බර් 02, 2019

    සෑම වසරකම සැප්තැම්බර් මස 02 වනදාට යෙදී තිබෙන ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව පොල් වගා ප්‍රවර්ධන සතියක් 2019/09/02 සිට 08 දින දක්වා දිවයින පුරා පොල් වගාකරුවන් ඒකරාශී කරගනිමින් පැවැත්වීමට වැවිල් කර්මාන්ත අමාත්‍යංශයෙහි පොල් වගාකිරීමේ මණ්ඩලය කටයුතු යොදා තිබේ.


    මේ ඔස්සේ ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන සහ පාලස් කේන්ද්‍ර කරගත් පොල් වගා වැඩසටහන් දියත් කිරීමට නියමිත වන අතර, පොල් පර්යේෂණ ආයතනය හා ඒකාබද්ධව ව්‍යාපෘති සංවාද, නාගරික ගෙවතු වගා වැඩසටහන්, පොල් වගා ක්ෂේත්‍ර දින සහ ගොවි සම්මන්ත්‍රණ ද පැවැත්වීමට අපේක්ෂිතය.

    සමාරම්භක වැඩසටහන පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති පාලිත පැල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල මාම්පේ ශ්‍රී විජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේදී  පැවැත්වීමට නියමිත වන අතර, ප්‍රධාන අවසන් වැඩසටහන 2019/09/09 වන සදුදා ප.ව. 01.30 ට ගරු වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් කොත්මලේ මහවැලි මහා සෑය අභියසදී පැවැත්වේ.

    එදිනම පොල් වගා ව්‍යාප්ති සේවාව ඩිජිටල්කරණය කරමින් පොල් වගා ප්‍රජාව පූර්ණ දැනුවත් කිරීමේ ජංගම දුරකතන යෙදුමක්ද හදුන්වාදීමට නියමිතය.
    එක ගසක්, එක ඉත්තක්, එක ගෙඩියක් වැඩිකරමු යන තේමාව පාදක කරගනිමින් මෙම වැඩසටහන් මාලාව දියත් කෙරෙනු ඇත. 1920 යටතේ ගොවි සහන කෘෂි උපදේශන සේවාව ඇමතීම මගින් වගාකරුවන් හට පොල් වගාව සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතී.
    ගතවූ සිවු වසර තුළ පොල් සංවර්ධන අධිකාරිය මගින් පොල් කර්මාන්තකරුවන් උදෙසා ඉටුකල සේවාව අපරිමිතය.

    ඒ යටතේ,
     පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලබන විදේශීය ආදායම 27% කින් ඉහළ නැංවීම.
     දිසිදි කර්මාන්ත ක්ෂේත්‍රය ව්‍යාප්ත කිරීම.
     පොල් කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය පුළුල් කිරීම.
     6%ක් වූ සහන පොළී අනුපාත යටතේ මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ලබාදෙ කප්රුක ණය යෝජනා ක්‍රම යටතේ රුපියල් මිලියන 150 ක ණය ආධාර කර්මාන්තකරුවන් 131 කට ලබාදීම.
     කොහු කෙදි කර්මාන්තශාලා සහ උපස්ථර කර්මාන්තශාලා සදහා ගබඩා වියලුම් පිට්ටනි ඉදිකරගැනීම සදහා මූල්‍ය ආධාර සහ තාක්ෂණික දැනුම ලබාදීම.
     රසායනාගාර පරීක්ෂණ සදහා ජංගම රසායනාගාරයක් හදුන්වාදීම.
     රසායනාගාරය, නව රසායනාගාර පහසුකම් සහිතව පුළුල් කිරීම.
     ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වැඩමුළු පුහුණුවීම් සහ වෙළද ප්‍රදර්ශන මගින් කර්මාන්තකරුවන්ට නව වෙළදපොල පුළුල් කිරීම සහ නව තාක්ෂණය හදුන්වාදීම. සිදුකර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya