ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    IEA පළමු ගිණිකොන දිග ආසියාතික කලාපීය සමුළුව සහ ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයන්ගේ සංගමයේ 24 වන විද්‍යාත්මක සැසිවාරය සැප්තැම්බර් 19දා

    සැප්තැම්බර් 03, 2019

    IEA පළමු ගිණිකොන දිග ආසියාතික කලාපීය සමුළුව සහ ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයන්ගේ සංගමයේ 24 වන විද්‍යාත්මක සැසිවාරය සැප්තැම්බර් 19 ඇරඹේ.


    International Epidemiological Association නම් වන පළමු ගිණිකොන දිග ආසියාතික කලාපීය කණ්ඩායම් සමුළුව සහ ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයන්ගේ සංගමයේ 24 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය මෙම වසරේ සැප්තැම්බර් මස 19 සිට 21 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව සමුළුවෙහි උප සම ලේකම් වෛද්‍ය ජීවරංග ගුණසේකර මහතා පැවසුවේය.


    එතුමා මේ බව පවසන ලද්දේ  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගේ සංගමය ලංකාව පුරා විසිරී සිටින ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් 400කට අධික පිරිසකගෙන් සැදුම්ලත් සංගමයකි. මෙම වසරේ විශේෂත්වය වන්නේ, ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක විසිරී සිටින ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් සැදුම්ලත්, International Epidemiological Association (IEA) අප සමග එක්වීමයි.

    මෙම වසරේදී පවත්වන මෙම අන්තර්ජාතික සමුළුව, IEA පළමු ගිණිකොන දිග ආසියාතික කලාපීය සමුළුව ලෙස හදුන්වයි. මෙහිදී එම සංගමය නියෝජනය කරමින් ලොව පුරා විසිරී සිටින එම සංගමයේ විශේෂඥයින් විශාල පිරිසක් සහභාගී වෙයි. තවද, මෙම සමුළුවට සමගාමීව, සැප්තැම්බර් 16 සිට 18 දක්වා දිනයන්හිදී පූර්ව සමුළු සැසිවාර ගණනාවක්ද සංවිධානය කර ඇත. එමෙන්ම තරුණ පර්යේෂකයින් බොහෝමයක් තම පර්යේෂණ ප්‍රතිඵල මෙම අන්තර්ජාතික සමුළුව ඉදිරියේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. මෙවර සමුළුවේ තේමාව වන්නේ සැමට සෞඛ්‍ය උදෙසා නිවැරදි ආයෝජනයක් යන්නයි. මෙය එක්සත් ජාතීන්ගේ ලෝක සංගමය විසින් ප්‍රකාශිත තිරසාර සංවර්ධන ඉලක්ක සමග සමපාත වන ලෙස නිර්මාණය කරන ලද්දකි. මෙම සමුළුව පුරා දිවයන මෙම තේමාව අනුසාරයෙන්, තරුණ පරපුර උදෙසා මූල්‍යමය සහ සම්පත් යොමු කිරීම මගින් රටක තිරසර සංවර්ධනය කිරීමේ ක්‍රමෝපායන් සාකච්ඡාවට බදුන්වේ.


    තවද, මීට අමතරව, බොහෝ තේමාවන් ඔස්සේ විසිරුණු ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධ ගැටලු රාශියක්ද මෙම සමුළුවේදී සාකච්ඡාවට නියමිතයි. ඉන් සමහරක් ලෙස, සැමට සෞඛ්‍ය සංකල්පය, තරුණ සෞඛ්‍ය, පරිසරය සහ රැකියාව සම්බන්ධ සෞඛ්‍ය, බෝ නොවන රෝග නිවාරණය, කාන්තා සෞඛ්‍ය සහ අයිතීන්, ආපදා කළමනාකරණය ආදිය දැක්විය හැක.

    මෙම සමුළුව ලංකාව තුළ වෙසෙන ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්ට පමණක් නොව, අනෙකුත් සමාජ ක්‍රියාකාරකයින්ටද එකසේ වැදගත් වන අති විශේෂ අවස්ථාවකි. මෙතුළින් අප රට තුළ ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීම දිගුකාලීන බලාපොරොත්තුවකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya