ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ජන්ම දිනය අදයි

    සැප්තැම්බර් 03, 2019

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හැට අටවැනි ජන්ම දිනය අදට (සැප්තැම්බර් 3) යෙදී තිබේ.

    ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,  දූෂණය,වංචාව බැහැර කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් යහපාලන සමාජයක් වෙනුවෙන් සිය නායකත්වය ලබාදුන්නේ ය. එතෙක් විදෙස් රටවලින් කොන් වෙමින් තිබූ රට නැවත ඒ තත්ත්වයෙන් මුදවා  ගනිමින් ජත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය සමත් විය.

    නිදහස් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වෙනුවෙන් ජනාධිපතිතුමා පුරෝගාමී මෙහෙවරක් සිදු කළේ ය.මතින් නිදහස්  රටක් යන උදාර තේමාව මුල් කරගනිමින් මෙතෙක් කිසිදු රාජ්‍ය නායකයකු විසින් නිසි ලෙස ක්‍රියාත්මක නොකළ   මත්ද්‍රව්‍යවලට එරෙහිව සුවිශාල වැඩසටහනක් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළේ ය.

    සියලු දිස්ත්‍රික්කවලට එක හා සමාන සංවර්ධනයක් අත් කර දීමේ අපේක්ෂාවෙන් ඇරඹි ''රට වෙනුවෙන් එකට  සිටිමු'' වැඩපිළිවෙල ද එතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූවකි. මොරගහකන්ද වැනි සුවිශාල වාරි තාක්ෂණයක් රටට දායාද කිරීමට එතුමාගේ කැපවීම හා ඉවසීම ඉවහල් විය.  වාරි කර්මාන්තය, කෘෂි කර්මාන්තය වෙනුවෙන් සුවිශාල ව්‍යාපෘති රැසක් මේ වනවිටත් එතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයාට අවතීර්ණ වූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ ප්‍රතිපත්ති අරක්ෂා කරමින් අද එම පක්ෂයේ නායකත්වය දරනු ලබයි. 1989 වසරේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට අවතීර්ණ වූ මෛත්‍රිපාල සිරිසේන මහතා, 1994  රජයේ, වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.1997 වසරේ මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍යධූරය දැරූ අතර මහවැලි  ජනපදවල ජනතාව වෙනුවෙන් සුවිශාල සේවයක් සිදු කළේ ය.

    2017 වසරේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ''අපි වවමු රට නගමු '' තේමා පාඨය ඔස්සේ කෘෂි ක්ෂේත්‍රයේ  සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළේ ය. 2014 වනවිට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිමින් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක්  වෙනුවෙන් හඩ නගමින් උදාර සේවයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කළ අතර ජගත් සෞඛ්‍ය සංවිධානයේ  උප සභාපතිධූරයෙන් ද පිදුම් ලැබීය. වසර 2015 ශ්‍රී ලංකාවේ නයකත්වයට පත් මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ දේශපාලන ගමන් මගේ ප්‍රජාතන්ත්‍රවාදී හැරවුම් ලක්ෂය නිර්මාණය කිරීමට පුරෝගාමී විය.

    නිදහස් චින්තයක් සහිත රටක් නිර්මාණය කිරීම සඳහා ද සමාජයේ නීතිගරුක පුරවැසියන් ගොඩනැඟීම සඳහා ද තම අභිප්‍රාය පෙරදැරි කරගනිමින් වත්මන් ජනාධිපතිතුමා තීරණාත්මක බොහෝ අවස්ථාවල රට වෙනුවෙන්  සුවිශාල පියවර රැසක් ගනු ලැබීය.

    හෙට දින යහපත් රටක් උදාකිරීම සඳහා නායකත්වයක් ලබා දෙන ජන නායකයාණෙනි ඔබට චිරන්  ජයතු...!


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya