සැමරුම් උත්සවය වැඩබලන පොලිස් පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නා වූ උත්තරීතර ආයතනය වන්නේ ද ශ්‍රී ලංකා පොලිසියයි. එවකට ඉන්දීය පළාතේ රත්නගරි පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ “විලියම් රොබට් කැම්බල්” මහතා 1866.03.03 දින පොලිස් බලකාය භාරව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පොලිස් අධිකාරි ලෙස පත් කරන ලදී. එබැවින් 1866 සැප්තැම්බර් 3 වන දින ශ්‍රී ලංකා පොලිස් සේවයේ ආරම්භය ලෙස සැලකේ. ජනතාවගේ සුබසිද්ධිය සඳහා රටේ නිතිය හා සාමය ආරක්ෂා කිරීම,මාර්ග නීති පද්ධතිය ආරක්ෂා කිරීම,රට තුළ දූෂණ වංචා මෙන්ම අපරාධ වැළක්වීම,මත්ද්‍රව්‍ය හා මත්කුඩු මෙරට ව්‍යාප්ත වීම සහ ඒවා මෙරටට ආනයනය කිරීම වැළක්වීම ,අධිකරණ ක්‍රියාවලියට උපරිම සහයක් ලබා දීම ආදී වූ මහජන ආරක්ෂාව හා සාමය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ශ්‍රී ලංකා පොලීසිය සිදු කරයි.