දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සම්බන්ධ නිලධාරීන් නම් කොට ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලය මගින් කටයුතු යොදා තිබේ. අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ඉල්ලීමක් මත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන මෙම පුහුණුව සදහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන් පුහුණු කෙරේ.
ඒ අනුව අද මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන්ගේ පළමු අදියරේ පුහුණුව අද (02) ආරම්භ වූ අතර, මෙහිදී මත්ද්‍රව්‍ය පිළිබද මූලික අවබෝධයක් සදහා ඊට මැදිහත් විය හැකි ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු විය.
මෙම වැඩසටහනේ දෙවැනි අදියරේදී මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ තාක්ෂණමය දැනුම සහ උපදේශනය ඇතුළු කාර්යයන් පිළිබදවද පුහුණු කෙරෙනු ඇත. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පවත්වන ලද මෙම වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ මගපෙන්වීම මත ආරම්භ වූ අතර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් රැසක් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
DMU/kandy