ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් පියවර දැනටමත් ගෙන තිබෙනවා - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    සැප්තැම්බර් 03, 2019

    පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා පුරවිද්‍යා ආඥාපනතේ විධිවිධානයන්ට අනුව ශක්තිමත් පියවර දැනටමත් ගෙන ඇති බව නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (3) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කර තිබූ  ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබාදෙමිනි.

    පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් පියවර දැනටමත් ගෙන තිබෙන අතර ප්‍රාදේශීය සහකාර  අධ්‍යක්ෂකවරු, කලාපභාර නිලධාරීන්,පුරාවිද්‍යා සහායකයින්,සහ පුරාවිද්‍යා කම්කරුවන් මේ සඳහා යොදවා  තිබේ.
    ඊට අමතරව ප්‍රජා ආරක්ෂක කමිටු,මඟින් ද පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට ක්‍රමවේද යොදා ඇත.ශ්‍රී ලංකා  පොලීසියේ පුරාවස්තු ආරක්ෂක කොට්ඨාශය මඟින් ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ද ආරක්ෂක  කටයුතු සිදු කෙරේ.

    තවද පුරාවස්තු හානි දැනුම් දීම සඳහා හදිසි ඇමතුම් අංක 1915 ද අවස්ථා සළසා දී ඇත.පුරාවිද්‍යා හානි සිදු  කරන අයට ලබාදෙන දඬුවම් ප්‍රමණය වැඩි කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා;

    නව තාක්ෂණ සහිත ප්‍රක්ෂේපන යන්ත්‍ර 116ක් ලබාගැනීමට 2020 අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගැනීමට් ආපේක්ෂා  කරයි.එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ සිනමා ශාලාවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට සහන  ණය වැඩසටහනක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    දැනට චිත්‍රපට බෙදා හැරීම සහ ආනයනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රශ්නයක් උද්ගත වී නොමැත.  චිත්‍රපට බෙදාහැරීම විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පූර්ණ පූර්න නියාමනකරු ලෙස චිත්‍රපට සංස්ථාව හරහා සිදු  කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya